වෙඩි තැබිම ගැන හොයන්න පොලිස් කණ්ඩායමක්

Share

තංගල්ල කුඩාවැල්ල ධීවර වරාය තුළ දී අද(25) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා පොලිස්පතිගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් යොමු කර ඇත.

මීට අමතරව, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ සහ මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ප්‍රධානත්වයෙන් ද මෙම පරික්ෂ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

අද සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

මෙම ධීවර වරායේ කටයුතුවල නිරත දෙපිරිසක් අතර කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බව වාර්තා විය.

Read more

Local News