2020 පළාත් සභා මැතිවරණයක් ?

Share

එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් පවසන පරිදි මැතිවරණ තුනක් එකවර පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (26) පැවසීය.

ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන බවත්, ඉන් පත්වන ජනාධිපතිවරයා විසින් 2020 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බවත් පැවසූ මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී සිදු කළ හැක්කේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පමණක් බව පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ තුනක් එකවර පැවැත්වීමට ගියහොත් ඡන්ද පෙට්ටි තුනක් තැබීමට සිදුවන බවත්, එහිදී ඡන්ද දායකයන් හා නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වන බවයි.

මේ අවස්ථාවේදී මහමැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට  යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවත්, නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවීම පිළිබඳ කාරණය හේතුවෙන් එවැනි යෝජනාවක් ගෙනඒමේ ප්‍රායෝගික ගැටලුවක් තිබෙන බවත් හෙතෙම පැවසීය.

Read more

Local News