මිනිමැරිම් වැඩ්විමට හේතුව ශ්‍රි ධම්මදස්සි හිමි කියයි

Share

රට තුළ වර්ථමානයේ මිනිමැරිම් ආදිය නිසා මියයන්නේ රටේම දරුවන් පිරිසක් බවත් එයට ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඔවුන්ට ඇති වන ආවේගය පාලනයකර ගැනිමට නොහැකි විම නිසා බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය ආනමඩුවේ ශ‍්‍රි ධම්මදස්සි හිමියන් පැවසීය.

මෙම තත්ත්වයන් ඇතිවී තිබෙන්නේ අපේ පන්සල්  ආශි‍්‍රත පැවති සදාචාර සමිපන්න අධ්‍යපනය යුරෝපීයන් පැමින විනාශ කිරිම නිසා බවත් අද පවතින පුද්ගලික පංති ආදිය නිසා දරුවන්ගේ අධ්‍යපනයේ සදාචාරය නැති වී ගොස් නිසා බවත් අනුනායකහිමියන් වැඩිදුරටත්සඳහන් කළේය.

පසු ගිය දින කිහිපය පුරා සිදු වු වෙඩි තැබිම්වලින් ද මිය ගොස් ඇත්තේ මේ රමේ දරුවන් බවින් රටේ සදාචාර සමිපන්න දරුවන් පිරිසක් බිහි කලයුතු  යුගයකට යායුතු බව ද උන්වහන්සේ ප‍්‍රකාශ කළේය.

අනුනායකහිමියන් මෙම අදහස් ප‍්‍රකාශ කළේ මහනුවර අස්ගිරි මහ පිරිවෙනේදි පැවති අපවත්වි වදාල අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය ගලගම ශ‍්‍රි අත්තදස්සි මහනායක හිමියන්ගේ ගුණ සමරුව වෙනවෙන් 2 වන වතාවටත් සංවිධානයකර තිබු  5 වසර ශිෂ්‍යත්වය සමත්වු අඩු ආධායමි ලාභි පවුල් වල පිරිවෙන් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා 10 නමකට හා පාසැල් දරුවන් 40 දෙනෙක් ඇතුලු 50 දෙනෙක් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරිමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

Read more

Local News