පුරාවස්තු ගන්න ගිය 6ක් අත්අඩංගුවට

Share

පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් අලව්ව, කැබැල්ලවිට ප්‍රදේශයේදී කැණිම් සිදු කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අලව්ව පොලිසියේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන් කොච්චිකඩේ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ සහ අලව්ව යන ප්‍රදේශවල පදිංකරුවන් බව සඳහන්වෙයි.

ඔවුන් අද (27) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර අලව්ව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News