මරණ දණ්ඩනය නැවැත්වීමට ලංකාවේ සහය

Share

එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය සතියේදී ඉදිරිපත් වූ මරණ දඬුවම පැනවිම තාවකාලිකව නැවැත්වීමට අදාළ යෝජනාවකට පක්ෂව ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගියදා මෙම  ඡන්ද විමසීම පවත්වා තිබේ.

බ්‍රසීලය විසින් රටවල් 83කගේ සමඅනුග්‍රාහකත්වයක් මත මෙම  යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබේ.

එයට පක්ෂව රටවල් 121ක් ඡන්දය භාවිත කර ඇති අතර විපක්ෂව රටවල් 35 සිය ඡන්දය භාවිත කර තිබේ. එසේම රටවල් 31 ක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවට සම්බන්ධ වී නොමැත.

ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුවහොත් ඔවුන්ට මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කළ යුතු බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒ සඳහා ඇතැම් පිරිස් විරුද්ධතාවය ප්‍රකාශ කළ අතර ඒ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේද විරුද්ධතාවය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ඇමෙන්ස්ට්‍රි ආයතනයට අනුව එක්සත් ජාතීන්ගේ සාමජික රටවල් 193ක් අතරින් රටවල් 103ක මරණ දඬුවම තහනම් කර තිබේ.

1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැත.

Read more

Local News