උතුරු ජනතාවට විධිමත්ව සහන දෙන්න රාජිත කියයි

Share

පීඩාවට පත් උතුරු ජනතාවට අවශ්‍ය පහසුකම් විධිමත්ව ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපදෙස් ලබාදී තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ  දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

මේ වන විට වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවික සේවිකාවන් උතුරු පළාතේ රෝහල්වලට යොමු කර ඇති අතර කඳවුරු 26ක රැදී සිටින ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

Read more

Local News