පුත්තලම නගර සභාවේ අංගනයක ගින්නක් – Photos

Share

පුත්තලම නගර සභාවේ වැඩ අංගනයේ තිබු ගබඩාවේ හදිසියේ අද (31) පෙරවරුවේ ඇතිවු ගිනි ගැනිමකින් ලිපි ලේඛණ ඇතුළු තවත් දෑ සම්පුර්ණයෙන් විනාශ වි ඇත.

පුත්තලම නගර සභාවට අයත් වැඩ අංගනයේ ඉන්ධන ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක සිදුවූ මෙම හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් එහි දේපලවලට බරපතල අලාභ හානි සිදුව ඇති බවයි පරික්ෂණ පවත්වන පුත්තලම පොලීසිය සඳහන් කළේ.

අදාල ගිනි ගැනීම හේතුවෙන් පුත්තලම නගර සභාවට අයත් වැඩ අංගනයේ ඉදිකර තිබූ ඉන්ධන ගබඩාකරන ගොඩනැගිල්ලකට මෙලෙස දැඩි අලාභ හානි සිදුව ඇත.

අදාළ ගිනි ගැනීම සිදුව ඇත්තේ ගොඩනැගිල්ල තුල ඇතිවූ විදුලි කාන්දුවීමකින් බව පොලීසිය කල පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් කිසිදු ජීවිත හානි වාර්තාවී නොමැති අතර, දේපල විනාශය සම්බන්ධයෙන් බරපතල අලාභ හානි සිදුව අැත.

ගින්න මැඩ පැවැත්වීම සඳහා පුත්තලම නාවික හමුදා ගිනි නිවන අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර අැත.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායම විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News