එමිල් රංජන් 08 වනදා දක්වා යළි රිමාන්ඩ්

Share

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධියේ සැකකරුවකු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ලබන 08 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවේය.

රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම පරීක්ෂණ වලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 08 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියම කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට දැනුම් දුන්නේය.

මෙම  සිද්ධියේ තවත් සැකකරුවෙකු ලෙස නම් කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.

Read more

Local News