ශෂී වීරවංශගේ නඩුව යළිත් විභාගයට ගැනේ

Share

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් ගොනු කර ඇති නඩුව අද (01) දින යළි විභාගයට ගෙන තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ  කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අද දින විභාගයට ගත් අවස්ථාවේදී විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්  ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණි.

අනතුරුව වැඩිදුර විභාගය ලබන 14 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට රහස් පොලීසිය විසින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News