අයියාගේ සිමෙන්ති ගල් ප්‍රහාරයෙන් මල්ලී අවසන් ගමන් යයි

Share

හබරාදූව, අඟුළුගහ ප්‍රදේශයේදී වැඩිමහල් සහෝදරයා විසින් සිමෙන්ති ගඩොලකින් පහරදී බාල සහෝදරයා ඝාතනය කර තිබේ.

ඊයේ(01) රාත්‍රී 10.30 පමණ මිය ගිය පුද්ගලයා අසල තිබු වෙළඳ සැලක් වෙත ගොස් පැමිණෙන අවස්ථාවේදී වැඩිමහල් සොහොයුරා විසින් අදාළ පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ හබරාදූව, අඟුළුගහ ප්‍රදේශයේම පදිංචිව සිටි 32 හැවිරිදි ප්‍රියන්ත කුමාර නැමති පුද්ගලයෙකි.

සහෝදර දේපල අතර ඇතිවු බහින් බස්වීමක් දුර දිඟ යාම ‍හේතුවෙන් අදාළ ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හබරාදූව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News