වෑන් රියක් පස් කන්දක ගැටී අනතුරක් – Photos

Share

රත්නපුර හපුගස්තැන්න සිට හැටන් දික්ඔය දක්වා ධාවනය වු වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි.

අද(02) මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව කැම්පියන් පෙට්රොසෝ වත්ත ප්‍රදේශයේදි ය.

තුවාලකරුවන් අතර කුඩා ළමුන් කිහිප දෙනෙකු සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි අප වාර්තාකරු පැවසුවේ.

රත්නපුර හපුගස්තැන්න කතෝලික දේවස්ථානයක පියතුමෙක් හැටන් දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයකට ඇරලීම සඳහා ගමන් කරමින් සිටි පිරිසක් මෙසේ අනතුරට පත් වි ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

අධික බැවුම් සහිත ප්‍රදේශයේ වෑන් රථය ධාවනය වන අවස්තාවේ වැන් රථයේ තිරිංග ක්‍රියා විරහිත විම නිසා වෑන් රථය ප්‍රධාන මාර්ගයේ පස් කණ්ඩියක ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇත.

Read more

Local News