ජනපතිගේ තීරණ බලවත් බව නිරෝෂන් කියයි

Share

මෙරට සාමාජ ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි විශාල බලපෑමක් ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීන්දු තීරණ එල්ල කරන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ඒ පිළිබඳ රටේ ජනතාවගේ මතය විමසීම සඳහා මේ වසර තුළ පැවැත්විමට සුදුසුම මැතිවරණය ජනාධිපතිවරණය බවයි.

නිරෝෂන් පෙරේරා මහතා මේ බව පැවසුවේ රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාරගැනිමේ අවස්ථාවට එක්වෙමිනි.

පැරණි ක්‍රමය යටතේ වුවද පළාත් සභා ඡන්ද විමසීම සිදු කිරිම  සම්බන්ධයෙන් තම පක්ෂය කැමැත්ත පල කරන බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News