ශ්‍රී ලංකාව හා ඉරානය අතර ගිවිසුමක් – සිරකරුවන් හුවමාරු කිරිමට

Share

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර දඬුවම් පමුණුවනු ලැබ ඇති තැනැත්තන් හුවමාරුකර ගැනීම සම්බන්ධයෙන් ඇති කර ගන්නා ගිවිසුම සඳහා ඊයේ (27) අධිකරණ අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.
මෙම ගිවිසුම සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍ය ඇලි රාසා අවායි මහතා එරටදී අත්සන් තබා ඇති අතර, අධිකරණ අමාත්‍යතුමිය විසින් ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohamed Zari Amirani මහතා හා අමාත්‍යතුමිය අතර ගිවිසුම හුවමාරු කිරීම සිදු විය.
සිරකරුවන් හුවමාරු කිරීමේ මෙම ගිවිසුම  යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර  එම සිරකරුවා ලැබු දඬුවම ඒ ආකාරයෙන්ම තම මව් රට තුළ බන්ධනාගාරවලදි විඳීමට සිදු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මෙම සිරකරුවන් හුවමාරුකිරීමේ ගිවිසුම 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ අත්සන් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Read more

Local News