අප්පුහාමිට තදවෙලා බස් රියදුරන්ට ගහන්න යයි

Share

පුත්තලම බස් නැවතුම් පොළට බස් රථ ඇතුළත් කිරීමේ ගාස්තු වැඩි කිරීම සම්බන්ධව බස් රථ රියදුරන් මතු කර තිබූ විරෝධයට විසදුම් ලබා දිමට ඊයේ (02) දින පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ පුත්තලම ස්ථානාධිපති සමග ඇති වු උණුසුම් වචන හුවමාරුව නිසා ඇති වන්නට ගිය ගැටුම් තත්ත්වය වළක්වා ගැනිමට එහි සිටි පිරිසක් දැඩි වෙහෙසක් දරා තිබේ.

පුත්තලම නගර සභාව මගින් පාලනය වන පුත්තලම ප්‍රධාන බස් නැවතුම්පොළ තුළට 2019 ජනවාරි 1 දින සිට මෙයට පෙර අයකළ රුපියල් 100 ක මුදල රුපියල් 150 ක් ලෙසට අය කිරීමට සැරසිමත් සමග පුද්ගලික සහ  ලංගම බස් රථ සියල්ලම බස් නැවතුමෙන් පිට මාර්ගය දෙපස පසුගියදා ගාල් කිරීමට කටයුතු කිරීමත් සමග ගැටළු කාරි තත්වයක් මතුව තිබුනී.

පසුව පුත්තලම නගරාධිපතිවරයා  වහාම 2 දින මේ සම්බන්ධව අදාළ පාර්ශව සමග විශේෂ සාකච්ඡාවක් පුත්තලම බස් නැවතුම් මගී පර්යන්තය තුළ කැඳවා තිබුණි.

ඒ සඳහා පුත්තලම නගරාධිපතිවරයා සමග පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි  හෙක්ටර් අප්පුහාමි මහතා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.එච්.එම් .නවාවි මහතා සමග නාගරික මන්ත්‍රිවරුන් පිරිසක්ද එක්ව තිබේ.  

Read more

Local News