”චාලි” ගේ ඝාතකයා ගැන තොරතුරට ලක්ෂ එකහාමාරක් – හෙට මිනිස්සු මහ පාරට

Share

මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි ”චාලි” නැමති සුනඛයාට ගිනි තබා මරා දැමු පුද්ගලයා පිළිබඳ කිසියම් හෝ හෝඩුවාක් ලබා දෙන අයකුට රුපියල් ලක්ෂ එක හාමාරක මුදලක් ලබා දෙන බව ”Save a paw with love”නමැති සතුන් සුරැකීමේ සංවිධානය පවසයි.

ලැබ්රඩෝ වර්ගයට අයත් මෙම සුනඛයාට භූමිතෙල් දමා ගිනි තබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් හා රට තුළ සතුන් අකාලයෙ මිය යාම පිළිබඳ මෙම සංවිධානය හෙට(04) මීගමුව නගරයේ විරෝධතාවයක් ද සංවිධානය කර ඇත.

මෙම විරෝධතාවට Save a paw with love සංවිධානය සමඟ සියලුම සත්ව සංවිධාන එක් වෙනු ඇතැයි අපේක්ෂා කරයි.

මේ අතර එලැඹෙන ජනාවාරි 05 දා අග්‍රාමාත්‍යවරයා සමඟද මෙම සංවිධානය සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී සතුන් සම්බන්ධයෙන් පණතක් ස්ථාපිත කරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

”චාලි”ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් මේ වන විටත් පරීක්ෂණය ක්‍රියාත්මක කරයි.

මෙම සුනඛයාට භූමිතෙල් දමා ගිනි තබා තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වනදා අළුයම් කාලයේදිය.

Read more

Local News