ආයතන 3කට නව සභාපතිවරු පත් කෙරේ

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 03 කට නව සභාපතිවරුන් පත් කර තිබේ.

අද (03) දින සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස අචාර්ය එච්.එම්.එම් රූමි මහතා තම පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ලබා දී තිබේ.

ඔහු මීට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

එම සංස්ථාවේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස මහරගම අපේක්ෂා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා පත් කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පත්වීම් ලබා ගන්නා ගෙන තිබේ.

ඔහු මීට පෙර ද එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කෙරුනි.

ඔහුද මීට පෙර එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය කුමාර ද සිල්වා මහතා පත් කෙරුනි.

Read more

Local News