සැමියා සමග උරන වූ බිරිය දරුවා පන පිටින් වළලයි

Share

සැමියා සමග උරනව සිය දින 28 වයසැති සිඟිතියව පන පිටින් ගෙවත්තේ වල දැමූ මවක් හැටන් පොලීසිය මඟින් අද (03) අත්අඩංගුවට ගනෙ ඇත.

සැකකාරිය හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතුයායේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි. සැකකාරිය ඊයේ (02) පෙරවරුවේ සිඟිතියට කිරි පොවා නිදි කරවා පසුව සිගිත්තියව ගෙවත්තේ කසල බැහැර කරන වලට දමා පස් වලින් එම වල වසා දමා ඇති බව හැටන් පොලීසිය කියයි.

සිඟිතිය පිළිබඳ එම නිවසේ පදිංචිව සිටි සැකකාරියගේ මව සහ ඥාතින් සොයා බලන අවස්තාවේ සිගිත්තියව ගෙවත්තේ වළ දැමූ බව සැකාකාරිය විසින් ඔවුන්ට පවසා ඇත.

පසුව සැකකාරියගේ මව සහ ඥාතින් සිඟිතියගේ සිරුර ගොඩ ගෙන මව් කිරි දෙමින් සිටියදි සිඟිතිය ජීවිතක්ෂයට පත් වු බව පවසමින් සිඟිතිය හා සැකකාර කාන්තාව රෝහල්ගත කර ඇත.

පොලිස් පරික්ෂණවලදී මිය ගිය සිඟිතියගේ ගෙල වටා පස් තැවරී ඇති බවට අනාවරණය වීමත් සමඟ සැකකාරිනියගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීමේදී තම සැමියා සමඟ මාසයක පමණ කාලයක් පවතින ආරවුලක් හේතුවෙන් සිඟිතියව පස් දමා පන පිටින් වැලලූ බව සැකකාරිය පාපොච්චාරනය කර ඇත.

මෙම ඝාතනයට අනුබල දීම සහ වසන් කිරීම සම්බන්ධයෙන් සැකකාර කාන්තාවගේ මවද හැටන් පොලීසිය මඟින් අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News