තෙල් සංස්ථාවේ වෙඩි තැබීම පිළිබඳ පරීක්ෂණ තවදුරටත්

Share

ඉකුත්දා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද(04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එහි සැකකරුවකු ලෙස නම්කර සිටින අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පහර දුන් බවට පැමිණිලිකරු ප්‍රකාශ කළත් ඒ බව ආරක්ෂක කැමරා දර්ශනවල කිසිවක් සටහන් වී නොමැති බව කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ලබන 01 වනදා කැඳවීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

Read more

Local News