කථානායක, මහින්ද විපක්ෂනායක බව කියයි

Share

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස පිළිගන්නා ලෙස කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකවරුන්ට දන්වා ඇති බව වාර්තා වෙයි.

අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා මේ බව සඳහන් කර තිබේ.

එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර මහතා පිළිගන්නා ලෙසත් කථානාායකවරයා මෙහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් හිටපු විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පසුගියදා ප්‍රකාශ කළේ තමන් තවමත් විපක්ෂ නායක බවයි.

Read more

Local News