පොලිස් ස්ථානාධිපතිවරු 72කට ස්ථානමාරු

Share

ශ්‍රි ලංකා පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු වීම් ලබා දී ඇති බව වාර්තාවෙයි.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නිර්දේශය හා ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ස්ථාන මාරුවීම් ලැබූ පිරිස අතරට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනෙකු හා පොලිස් පරීක්ෂකවරුන් 45 දෙනෙකු අයත් වන බව සඳහන් වෙයි.

Read more

Local News