ටයර් වෙළඳසැලක ගින්නක්

Share

තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ පිහිටි ටයර් වෙළඳසැලක හදිසි ගින්නක් ඊයේ(04) රාත්‍රී 11.45ට පමණ හටගෙන ඇති බව පොලීසිය පැවසීය.

ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

තංගලම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News