ශ්‍රීලනිප මන්ත්‍රීවරු එජාපයට නොයන බව දයාසිරි කියයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මන්ත්‍රිවරයා වැඩ්දුරටත් අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කිසිදු සූදානමක් නොමැති බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Read more

Local News