ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියට

Share

ජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියේ ඉදිකිරීම සඳහා මේ සතියේ මුල්ගල තබන බව ක්‍රීඩා,  විදුලි සංදේශ, විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ ඊයේ (05) දින බදුල්ල ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදීය.

ක්‍රීඩා ඇමතිවරයා එහිදි වැඩ්දුරටත් පැවසුවෛ් යූරෝ මිලියන 75 ක වියදමින් ඉදිකරන මෙම මධ්‍යස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් රගර් ක්‍රීඩංගණයක් , සුවිසල්  ධාවන පථයක්  හා 400 දෙනෙකුට නවාතැන් ගත හැකි නේවාසිකාගාරයක් ඇතුළත් වන බවයි.

දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමති කාලයේ මෙම ව්‍යාපෘතිය ඉදරිපත් කර තිබුණ බවත් හවුල් ආණ්ඩුව යටතේ එය සිදුනොවූවත් එජාප රජයක් යටතේ ඒ සඳහා සියලු අනුමැතිය ලැබී ඇති බව ඒ මහතා සඳහන් කරයි.

වසර 3ක කාලයකින් මෙම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරිම් අවසන් කිරීමට නියමිත අතර ඉදිරි කිරීමට සැලසුම් කර ඇති තත්වයේ ක්‍රීඩා මධ්‍යස්ථාන ආසියාවේ ඇත්තේ ජපානයේ සහ චීනයේ පමණක් බවද ඔහු සඳහන් කළේය.

Read more

Local News