ශාන්ත පාර්ලිමේන්තුවට ?

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරිමට එක්සත් ජානතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපතිවරයාද ඔහු වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා මහතා පසුගියදා ආණ්ඩුකාරවරයෙක් ලෙස පත්කිරීමත් සමග ඔහු වෙනුවට මෙසේ ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීමට නියමිතය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව ඔහු අදහස් දැක්වීය.

“නීත්‍යානුකූල කටයුතු සිදුවෙමින් තිබෙන්නේ. සිකුරාදා තමයි මේ තීරණය ගත්තේ. සෙනසුරාදා හා ඉරිදා දිනයන් තිබුණේ. මේ සතියේදි නීත්‍යානුකූල කටයුතු සිදුවෙයි. මම හිතන්නේ මේ සතිය තුළ කොහොමත් පුළුවන්.”

Read more

Local News