9 හැවිරිදි දැරියගේ වළ දැමු දේහය ගොඩ ගැනීමට පියවර

Share

හාලිඇළ කන්දේගෙදර  සාර්නියා වත්තේ මහතැන්න කොටසේ කම්කරු නිවාසයක් ඉදිරිපිට හොර රහසේ ඝාතනය කර එළවළු කොටුවක වළදමා ඇතැයි කියන 09 හැවිරිදි ගැහැනූ දරුවෙකුගේ මෘත දේහය සොයා හාලිඇළ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් සැකපිට  එම දැරියගේ 28 හැවිරිදි මව සහ ඇගේ අනියම් සැමියා බව කියන 31 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (6) දින සවස අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලීසිය පවසයි.

වවුනියාවේ සෙට්ටිකුලම් පදිංචි  සැකකාරියගේ සැමියාගෙන් වෙන්වීමෙන් පසු මෙම සැකකරු හා කන්දෙගෙදර සාර්නියා වත්තට පැමිණ ජීවත්වී තිබේ.

ඝාතනයට ලක්වු  මහේන්ද්‍රන් ඩිලානි නමැති මෙම  දැරිය වයස අවුරුදු 4 දී සැකකාරිය විසින් තමාට භාරදී ඇය ගෘහ සේවිකා රැකියාව සඳහා විදේශ ගත වි තිබේ.

වසර 5කින් නැවත පැමිණ  තම භාරයේ සිටි දියණිය රැගෙන ගිය බවත් මරණකාරියගේ සහෝදරියක් විසින්  පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

දින 3 කට  තමා  මෙම නිවසට පැමිණි අවස්ථාවේ දියණිය නුදුටු නිසා විමසූ විට  ඇය නුවරඑලියේ කොන්වන්ට් එකකට ඇතුලත් කරඇති බ ව පැවසූ නමුත් විපරම් කිරිමේදි ඥතියෙක් විසින් තමාට මේ අපරාධය පිළිබදව අනාවරණය කිරිමෙන් පසු පොලිසියට පැමිණිලි කළ බවද ඇය සදහන් කර තිබේ.

මීට වසරකට පෙර මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශන වලදී අනාවරණය වු බවද පොලීසිය සඳහන් කරයි.

විමර්ශන සිදුකරන  හාලිඇළ පොලිසිය  දැරියගේ මිණිය වලදමා ඇතැයි සැක කරන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්‍රාත් වරයා වෙත කරුණු වාර්තා කර තිබේ.

ලබන බදාදා  බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදරියේ මිණිය ගොඩගැනීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කළේය.

Read more

Local News