තෙල් සංස්ථා සිදුවීමට අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රිවරයා රිමාන්ඩ්

Share

දෙමටගොඩ ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල්වී රාජකාරීයට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ වීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්‍රිවරයෙක් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

ඒ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.

පසුගියදා හිටපු ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ ‍තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණිමේදී කලහකාරී තත්වයක් හටගතේය.

එහිදී කළහකාරී ලෙස හැසීරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුව ගත් අතර ඔහු අද(07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

Read more

Local News