Tuesday, March 19, 2024.

ජනපතිවරණයට මෛත්‍රී හෝ ගෝඨා පුළුල් සන්ධානයකින්

Share

ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා යන දෙදෙනාගෙන් එක් අයෙකු පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී.

Read more

Local News