ලසන්ත ඝාතකයන් හදුනාගෙන ඇති බව රන්ජන් කියයි

Share

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයාගෙන ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පැවසීය.

රාමනායක මහතා මේ බව පැවසුවේ බොරැල්ල කනත්තේ පැවැති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් එක්වෙමිනි.

ඒ මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින් “ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේ දිගින් දිගටම විකුණුනේ ලසන්ත වික්‍රමතුංග මතතා. මට තිබෙන තොරතුරු අනුව මේ ඝාතනයේ සියලු දෙනා සොයාගෙන අවසන්. එකම අවාසනාවන්ත සිද්ධිය තමයි ඔහු ඉපදුණේ ප්‍රභූ පවුලක නොවීම.

ඇත්තටම මහ දවල් බැරියල් දෙකක් මැද බෝල්ට් ගන් එකකින් කරපු ඝාතනය ගැන සියලු සාක්ෂි සොයාගෙන තිබියදී මේක යට ගහනේ මේ ආණ්ඩුවේ, ගිය ආණ්ඩුවේ ප්‍රභලන්. මේක පුදුම තත්ත්වයක්.” යැයි පැවසීය.

Read more

Local News