මන්නාරම සමූහ මිනීවලේ සීමාව පුළුල් කිරීමට තීරණය කෙරේ

Share

මන්නාරම සතොස පැරණි ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මීනීවල තුළින් එකමත එක සිටින සේ තිබු අස්ථී කොටස් තොගයක් හමුවී තිබේ.

මන්නාරම සමුහ මිනීවල සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, මෙම සමූහ මිනී වලේ කැනීම් කටයුතුවලට දින 125ක්  ගත වී ඇති බවයි.

ඒ අනුව මේ වන විට ලැබෙන අස්ථි කොටස් මත සමූහ මිනිවල පැවති සීමාව පුළුල් කිරීමට තීරණය කර ඇති බව ද එ් මහතා සදහන් කළේය.

මන්නාරම සමුහ මිනිවල තුළින් මිනිස් සිරුරු 284කට අයත් අස්ථි කොටස් මතු කරගෙන ඇති අතර ඉන් මිනිසි සිරුරු 279කට අයත් අස්ථි කොටස් ක්‍රමානුකූලව ඉවත් කරගෙන තිබේ.

ගොඩගත් අස්ථි කොටස් මන්නාරම අධිකරණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇත. එම අස්ථි කොටස් සාම්පල අමෙරිකාවේ ෆ්ලෝරිඩාහි කාබන් පරීක්ෂණ රසායනාගාරයක් වෙත යොමුකිරීමට නියමිතයි.

Read more

Local News