ප්‍රායෝගික දේශප්‍රේමීන් ගැන සජිත් කියයි

Share

ප්‍රායෝගික දේශප්‍රේමීන් කවුරුන්ද යන වග ක්‍රියාවෙන් හඳුනාගැනීමට සුදුසු කාලය එළඹ ඇතැයි නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හම්බන්තොට පැවති උත්සවයකට එක්වෙමිනි.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට, සූරියවැව හබරත්තවල ප්‍රදේශයේ ඉදිකළ සදාවීර කැප්පෙටිපොල, 147 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබිය.

Read more

Local News