යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකුට තුවාල

Share

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කණ්ඩියායගම ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මොනරාගල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීනියක් සහ යතුරු පැදියේ පදවාගෙන ආ පුද්ගලයා මෙසේ තුවාල ලබා තිබෙන බවටයි වාර්තා වන්නේ.

බස් රථයක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැල්ලවාය පොලිසිය විමර්ශන සිදු කරයි.

Read more

Local News