යටිනුවර වීථියේ ගින්න සම්පූර්ණයෙන් මැඩලයි (update)

Share

අද (08) දින පෙරවරු 7.20ට පමණ හටගත් ගින්න  මහනුවර යටිනුවර වීථියේ වෙළඳසංකීර්ණයක මේ වන විට සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබේ.

ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු සුලු පිළිස්සුම් තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි.

මහනුවර යටිනුවර විදියේ මහල් පහකින් සමන්විත වෙළඳසංකීර්ණයක ඉහළ මහලේ අද උදෑසන හදිසියේ ගින්න හට ගෙන තිබුණි.

එම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පදිංචිව සිටි මව පියා සහ දරුවන් දෙදෙනා ගින්නෙන් මුදා ගැනීම සඳහා මහනුවර පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර ඇති අතර ගින්නෙන් මව සහ පියා සුලු පිළිසුම් තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ගිනි නිවිමේ නිලධාරීන් පොලීසිය, හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කර ඇති අතර ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව වාර්තාවෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහ නුවර පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News