විදුලි දුම්රිය මාර්ගය රඹුක්කන දක්වා දීර්ඝ කරනවා

Share

වේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වේයන්ගොඩ සිට පානදුර දක්වා නව විදුලි දුම්රියක් ඇති කරන්න සැලසුම්කර තිබෙනවා. මේ වනවිට එය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමටත් සැලසුම්කර තිබෙනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 600ක ණය අනුමත වී තිබෙනවා.

මෙහි ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් කිරීමට ඩොලර් බිලියනයක ආධාරයක් හිමිවුණා. එම ශක්‍යතා වාර්තාව අවසන්කර ඉඩම් පවරාගැනීම මේ වනවිට සිදුකරමින් පවතිනවා. විදුලි දුම්රිය සඳහා ව්‍යාපෘති කාර්යාලයක් ඇතිකළා. තවත් වසර කිහිපයක් ඇතුළත විදුලි දුම්රිය ධාවන කිරීමට අපට හැකියාව ලැබෙන.” බවයි

Read more

Local News