රාජ්‍ය සේවක වැටුප 85%කින් ඉහළට

Share

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500 සිට රුපියල් 10000ක් දක්වා වැඩි විමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වැටුප් වැඩිවිම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ව තිබේ.

රජයේ පහළම ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 2500කින් ඉහළ යෑමට නියමිත අතර ඉහළම ශ්‍රේණියේ සේවකයාගේ වැටුප රුපියල් 10000කින් ඉහළ යෑමට නියමිතය.

මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ 2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා රාජ්‍ය සේවක වැටුප 85%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

2015 දි රුපියල් 11730ක් වූ පහළම ශ්‍රේණියේ රාජ්‍ය සේවක වැටපු මෙ වන  විට රුපියල් 21745ක් දක්වා වර්ධනය වී තිබේ.

Read more

Local News