හොරකම් නොකරන කෘෂි හා ධීවර ඇමතිවරු අවශ්‍ය බව රන්ජන් කියයි

Share

හොරකම් නොකරන කෘෂිකර්ම ඇමතිවරයෙක් හා ධීවර ඇමතිවරයෙක් ලංකාවට පත්වුවහොත් ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් කුසගින්නේ මිය නොයන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

පොලිස් නිලධාරීන් වෙනුවෙන් අඹ පැල බෙදාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ  පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ලංකාවට හරි හමන් කෘෂිකර්ම ඇමති කෙනෙක්, හරිහමන් ධිවර ඇමතිකෙනෙක් හම්බවුණොත්, මේ රට කියන්නේ දිවයිනයක්. අපි ලැජ්ජාවෙන්න ඕන සාඩින් ටින් ගේන්නේ චිලියෙන්. මෙච්චර මාළු ඉන්න රටේ.

හොරෙක් නොවන රටට ආදරේ කෘෂිකර්ම ඇමතිකෙනෙක් හා ධීවර ඇමති කෙනෙක් ලැබුණොත් මේ ටේ කවුරුත් බඩගින්නේ ඉන්නේ නෑ. මාලදිවයිනේ ලොකුම ආදයම කරවලයි උම්බලකඩයි. මේවට හිටපු ධිවර ඇමතිලා, කෘෂිකර්ම ඇමතිලා වග කියන්නන ඕන.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News