අභියාචනාධිකරණ විනිසුරුවරු 4ක් දිවුරුම් දෙයි

Share

අභියාචනාධිකරණ විනිසුරන් වන ප්‍රීති පද්මන් සූරසේන (සභාපති විනිසුරු), ජී.ආර්. අමරසේකර හා එස්. තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දි තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස්ව තිබූ විනිසුරු ධූර තුන වෙනුවෙන් මෙම නම් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යොමුකර තිබුණි.

එම නම් සඳහා අනුමැතිය හිමිවිමෙන් අනතුරුව දිවුරුම් දීම සිදුකර තිබේ.

එසේම අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතාද අද දිනයේදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read more

Local News