නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට

Share

වත්මන් රජය මඟින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වු නව නිවාස 105 ක් වතු කම්කරුවන් අයිතියට පත් කිරිම කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අතින් අද(10) සිදු කෙරිණ.

දිඹුල පොලිස් වසමට අයත් මවුන්වනන් වතුයායේ ඉදි වු නිවාස 50 ක් සහ එම පොලිස් වසමටම අයත් බෝගහවත්ත ප්‍රදේශයේ ඉදි වු නිවාස 55ක් මෙසේ වතු කම්කරු අයිතියට පත් කෙරිණී.

හරිත ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදි කල මෙම එක් නිවසක් පර්චස් 7ක ඉඩමක ඉදිකර ඇති අතර එහි විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන් ගෙයක්, සනිපාරක්ෂක පද්ධතියක්, සැම නිවසකටම විදුලිය, පානිය ජලය, සහ මං මාවත් ද ඇතුළත් මෙම එක් නිවාසයක් සඳහා එම අමාත්‍යංශය මඟින් රුපියල් ලක්ෂ 10ක් ප්‍රතිපාදන වැය කර ඇත.

මෙම එක් නිවසක් සඳහා රජය මඟින් හිමිකම් ඔප්පුවක්ද ඉදිරියේදි ලබාදිමට නියමිතයි. හරිත ගම්මාන ව්‍යාපාතිය යටතේ ඉදිකළ මෙම එක් නිවසක වර්ග අඩි 750 කින් සමන්විත මෙම එක් නිවාසයක සියළුම පහසුකම් වලින් ද සමන්විත වෙයි.

අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ උපන් දිනයද අදයට යෙදි තිබේ.

වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කරමින් පවතින වතු නිවාස පනස් දහසක් මේ වන විට නුවරඑලිය, බදුල්ල, රත්නපුර, කැගල්ල, මහනුවර, ගාල්ල, කළුතර යන දිස්‍රත්‍රික්ක වල ඉදි කරමින් පවති.

එම නිවාස කඩිනමින් ඉදිකර වතු කම්කරු අයිතියට වත්මන් රජය යටතේ පත් කරන බවයි මෙම නිවාස වතු කම්කරු අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති ජනහමුවේදි අමාත්‍යවරයා කියා සිටියේ.

Read more

Local News