Home දේශීය පුවත් කුඩුත් එක්ක 3ක් තැන් තුනක දී අල්ලයි

කුඩුත් එක්ක 3ක් තැන් තුනක දී අල්ලයි

0
කුඩුත් එක්ක 3ක් තැන් තුනක දී අල්ලයි

හෙරොයින් ග්‍රෑම් 240කට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ, ගල්කිස්ස සහ මට්ටක්කුළිය යන ප්‍රදේශ වලදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන අැත.

වැලිකඩ බන්ධනාගාරය අසළදී හෙරොයින් ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 720ක් සමඟ කාන්තාවක් බොරැල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අැත.

ගල්කිස්ස සට්ටිගල මාවත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 205යි මිලිග්‍රෑම් 120 ක් ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මට්ටක්කුළිය කඳිරානවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 640ක් සමඟ පුද්ගලයෙකු බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකාරිය සහ සැකකරුවන් අද(11) මාලිගාකන්ද සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here