වේගෙන් අා ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට – 2ක් රෝහලට

Share

ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් අනතුරක් සිදුවී තිබේ.

එම ත්‍රීරෝද රථයේ රියදුරා සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

අද(11) අලුයම 12.20 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගින්ගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන
බගතුලුව ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රීරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට
පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.

Read more

Local News