එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන දිලිප් කියයි

Share

එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂය තුළ බරපතල අර්බුදයක් හටගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා  වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

මෙ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් පල නොකළ යුතු බවයි.

Read more

Local News