මහින්දට, පාඨලී පිළිතුරු දෙයි

Share

2015 ජනවාරි 9 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බවයි.

ආර්ථිකය කුමන හෝ මොහොතක දරුණු බිඳ වැටීමකට ලක්වීමේ අවදානම.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා මුළු පාලන තන්ත්‍රයම බිද වැටීමේ අවධානම.

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති රට බෙදන ව්‍යවස්ථාව යන්න එම තුන් බිය බව ඔහු සඳහන් කළේය.

හිටපු ජනපතිවරයා සඳහන් කළ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරන්නේ 2019 යනු රාජපක්ෂ තුන් බියෙන් රට ගලවා ගන්නා වසර බවයි.

වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා “යුධ හමුදා මූලස්ථානය විදේශයන්ට විකුණා තම සාක්කුවට මුදල් දාගත්, ගුවන් හමුදාවට මිග් යානා ගෙනවිත් විදේශ රටවල මුදල් තැන්පත් කළ, නාවික හමුදාවේ ව්‍යාපාර ඇවන්ගාඩ් සමාගමට ලබාදී කෝටි ගණනින් වංචා කළ, රටට දැරිය නොහැකි සංවර්ධන ව්‍යාපෘති සිදු කර රටම ණය උගුලක සිර කළ,

තමන්ගේ පවුලේ අය හැර වෙන කිසිවෙකුට ඉහළට ඒමට ඉඩ නොදෙන වැඩවසම් දේශපාලනයක නිරත මහින්ද, බැසිල්, ගෝඨාභය යන රාජපක්ෂ තුන් බියෙන් රට මුදා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියළු පක්ෂවලින් සැදුම් ලත් ප‍්‍රබල සන්ධානයක් මේ වසරේදී ඇති වීමට නියමිතයි.”

Read more

Local News