වාහන තදබදය අවම කරන බව ජෝන් කියයි

Share

ජාතික වනෝද්‍යාන තුළ ඇතිවී තිබෙන වාහන තදබදය අවම කිරීම සඳහා දෛනිකව වනෝද්‍යානවලට ඇතුළු කරගන්නා වාහන ප්‍රමාණය සීමා කරන බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

ජාතික වනෝද්‍යාන ඇතුළු සුවිශේෂී පරිසර පද්ධති හා වනජීවීන් රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් බවද හෙතෙම පවසා සිටියේය.

වනය රැක ගැනීමේදී වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් දේශපාලනඥයන් ඇතුළු කිසිවෙකුටත් යටත් නොවී කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් අද (14) දින ඒ මහතා මේ බව පැවසීය.

Read more

Local News