බැසිල්ගේ නඩුවත් මාර්තුවට

Share

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව මාර්තු මස 28 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිත්සිරි රණවක යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව කැඳවා තිබුණි.

මෙම නඩුව අද(16) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් මෙම නඩුවේ  විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කීපයක් මේ දක්වා පැමිණිල්ල විසින් තමන් වෙත ලබාදී නොමැති බව දැනුම් දුන්නේය.

විත්තිකරුවන්ගේ විත්තිවාචක ගොඩනැඟීම සඳහා එම ලේඛන බෙහෙවින් වැදගත් බවයි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අසාද් නවාවි මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන පිළිබඳව පරික්ෂා කර බලා ඒවා ලබාදීමට කටයුතු කළ බවයි.

එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන මෙන්ද රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

ඒ අනුව අදාළ නඩුව මාර්තු මස 28 වනදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින අදාළ ලේඛන විත්තිය වෙත ලැබී තිබේද යන්න පිළිබඳව කරුණු අධිකරණයට දන්වන ලෙස පාර්ශවකරුවන්ට කිරීමක් කළේය.

Read more

Local News