පාලමෙන් වැටී තිදරු මව මරුට

Share

පාලමක් මතින් ඇළකට වැටි තිදරු මවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව නාවලපිටිය පොලීසිය පැවසිය.

මෙලෙස මිය ගොස් ඇත්තේ නාවලපිටිය පොලිස් වසමට අයත් හරංගල පදිංචි මල්දෙණියේ බිසෝමැණිකේ නැමති 78 හැවිරිදි මහලු කාන්තාවකි.

මරණයට පත් කාන්තාව ඊයේ(15) රාත්‍රී 11 සිට අතුරුදහන්ව සිටි නිසා නිවසේ පදිංචිව සිටි මිය ගිය කාන්තාවගේ පුතා සහ ප්‍රදේශවාසින් විසින් සොයා බැලිමකදි සිය මව උඩුමංකඩ ඇළේ වැටි මිය ගොස් ඇති බව දැක ඒ පිළිබඳව නාවලපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ.

මිය ගිය කාන්තාවගේ සිරුර නාවලපිටිය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය නාවලපිටිය මුලික රෝහලේදී පවත්වන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලීසිය කියා සිටියේය.

Read more

Local News