දෙරට අතර මිත‍්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් වු බව ජනපති කියයි

Share

පිලිපීන සංචාරය ආරම්භ කරමින් දෙරට අතර මිත‍්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකිවීම පිලිබඳව සතුටු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්ටිටර් ගිණුමේ සටහනක් තබමිනි.

දේශපාලනික ආර්ථික විද්‍යාත්මක සහ සංස්කෘතික වශයෙන් දෙරටටම වැදගත් තීන්දු රැසකට එළඹීමට මෙම සංචාරයේදී හැකි වනු ඇති බව ජනාධිපතිතුමාගේ ට්ටිටර් පණිවුඩයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේ දී පුළුල් සබඳතාවයක් ඇති කර ගැනීමට පිලිපීනය සූදානම් බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා ඊයේ පස්වරුවේ ප‍්‍රකාශ කළේය.

පිලිපීන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එරට සිව්දින රාජ්‍ය නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ පැවති ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව එරට මාධ්‍ය අමතමිනි.

ජනාධිපතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් අතර ද්විපාර්ශ්වික සාකච්ඡ් පැවැත්වෙන්නේ එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හිදීයිත

දෙරට අතර නව අබෝධතා ගිවිසුම් 5 කට එළඹීමද ඊයේ සිදු කෙරුණි.

එම ගිවිසුම් වලට එළඹ ඇත්තේ දෙරට අතර ආරක්ෂක, සංචාරක, කෘෂිකාර්මික සහ අධ්‍යාපනික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමේ අරමුණිනි.

ආර්ථික කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳව දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වුනේ දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව ක්ෂේත‍්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සඳහා යි.

සිව්දින රාජ්‍ය තාන්ත‍්‍රික නිල සංචාරයක් සඳහා ජනාධිපතිතුමා පසුගිය 15 වනදා දිවයිනෙන් පිටත් විය.

ජනාධිපතිතුමා මෙම සංචාරයේ නිරත වන්නේ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට්ගේ ආරාධනයකට අනුවයි.

1978 වසරෙන් පසුව ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට පිලිපීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

2019 වසරේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පළමු විදේශ සංචාරය මෙය වන අතර පිලීපීනයට මෙම වසරේ රාජ්‍ය නායකයෙකු පැමිණි පළමු අවස්ථාව ද මෙය වෙයි.

Read more

Local News