දයාසිරි, ජනපති ගැන කියයි

Share

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ (16) දින පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි.

පොහොට්ටුව සමඟ එකතු වීම දැන් නැද්ද යනුවෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ජයසේකර මහතා කියා සිටියේ, වෙන්ව සිටිය දී එකතු වීමට ඇති උවමනාව වැඩි වී ඇති බවයි.

වමේ සිටින ජනතාවට එකතු වී යන ගමන ගැන පැහැදිලි දැක්මක් ඇති බව ද කියා සිටි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය ශ්‍රීලනිප මන්ත්‍රීවරු රැකිය යුතු වන බවත් පොදු ජන පෙරමුණේ අනන්‍යතාවය ඔවුන් රැකිය යුතු බවත්ය.

එවැනි පසුබිමක එකතු වීම ශක්තිමත් වී ඇති බව ද පැවසු ජයසේකර මහතා, “ එක් බිම් ඌරෙක් තවකෙක්ට අල හාරා නොදෙන නිසා, තමන් අල හාරන් කෑමට පුරුදු විය යුතුයි“ යැයි යනුවෙන් ද පැවසීය.

දැන් සිටම ජනපති අපේක්ෂකයින් පිළිබඳ කථා කිරීම යෝග්‍ය නොවන බව ද ජයසේකර මහතා සඳහන් කළේය.

Read more

Local News