බස්-මෝටර් රථ අනතුරකින් අයෙක් මරුට

Share

රන්න කහඳාව ප්‍රදේශයේදී ඊයේ(16) රාත්‍රීයේ මගී ප්‍රවාහන බස් රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවට වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ රන්න කහඳාව ප්‍රදේශයේම පදිංචි විවාහක 33 හැවිරිදි පුද්ගලයෙකි.

රන්න සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබු බස් රථය හා මාතර දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබු මෝටර රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මියගිය මෝටර් රථයේ රියදුරු රන්න වාඩිගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර සේවය නිම වී නිවසට යමින් සිටින අතරතුර මෙම අනතුර සිදුව ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර බස් රථයේ රියදුරු හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News