එජාපයෙන් ජනපතිවරණයට හොඳම අපේකෂකයෙක්

Share

එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් පමණක් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

සිය අමාත්‍යංශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එජාප අපේක්ෂකයා සම්බන්ධයෙන් නිල වශයෙන් කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ ද යන්න පිළිබඳ අමාත්‍යවරයාගෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් කියා සිටියේ, දිනීමට හැකි හොඳම අපේකෂයා ඉදිරිපත් කරන බවයි.

ඒ පිළිබඳ කිසිදු සැකයක් තබා ගත යුතු නොවන බවත්, අනාගතයේ දී ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

නව ව්‍යවස්ථාවට කෙටුම්පත් සැකසීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, විශේෂඥ කමිටු වාර්තාවේ පිටපතක් සභා ගත කර ඇති බවත්, ව්‍යවස්ථාව වෙනස් කිරීමට කිසිදු උවමනාවක් මේ මොහොතේ නොමැති බව ද පැවසීය.

Read more

Local News