බේරුවල සිද්ධියේ තවත් 4ක් රිමාන්ඩ්

Share

ඉකුත් දා බේරුවල ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 231 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයට බාර වූ තවත් සැකකරුවන් හතර දෙනෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරුවන් හතර දෙනා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද(18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට බර වී අැත.
ඒ අනුව මෙම සැකකරුවන් හතර දෙනා ලබන 25 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාවේ හිමිකරු ඇතුළු තවත් සැකකරුවන් හතර දෙනෙකු දැනටමත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read more

Local News