උඩුවේ හිමිගේ නඩුව 7 වනදාට කල්යයි

Share

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ලබන මස 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(18) කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.
එම නඩුවට අදාළ විත්තියේ දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන මෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
ඒ අනුව විනිසුරුවරයා විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටියේ මෙම නඩුවට අදාළව විත්ති පාර්ශවයේ වාචික දේශන ලබන 07 වනදාට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
2015 වසරේ ජනවාරි මස 27 වන දා හෝ ඊට ආසන්න දිනයකදී කිරුලපන ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ දී බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් පොදු දේපල පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News